May 06, 2024

ප්‍රබල භූ කම්පන 2ක් නිසා සුනාමි අවදානමක්

අද උදෑසන ෆීජි දූපත් සමුහය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ. 

එය රිච්ටර් මාපාංක 6.9 ක අගයක් ගත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනය සිදුව ඇත්තේ ෆීජි හි Suva ප්‍රධාන නගරයට කිලෝමීටර් 284ක් නිරිතදිග මුහුද ආශ්‍රිතව බවට වාර්තා වෙයි.

අදාළ භූ කම්පනයෙන් අනතුරුව එරට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇති අතර මේ වනතුරුත් එම අනතුරු ඇඟවීම ඉවත් කර නොමැත.

මේ අතර බ්‍රිතාන්‍යයයේද සුළු භූ කම්පන තත්වයක් වාර්තා වෙන අතර එහි අගය දක්වා ඇත්තේ රිච්ටර් මාපාංක 3.8ක් ලෙසටයි.

එම භූ කම්පනය සිදුව ඇත්තේ North Yorkshire හි සැතපුම් පහක් පමණ දුර මුහුදේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 January 2017 09:56