May 07, 2024

ඉරාකයට ත්‍රස්ත ප්‍රහාර වැලක් - පුද්ගලයින් 60 ක් මරුට

ඉරාකයේ ප්‍රදේශ රැසක පුපුරාගිය බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව වාර්තා වෙයි.

ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පුපුරාගිය කාර් බෝම්බ ප්‍රහාරයකින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 

බැග්ඩෑඩ් නුවර ප්‍රසිද්ධ චතුරස්‍රයක් ආසන්නයේයි එම බෝම්බය පුපුරා ගොස් තිබේ.

දෙවන බෝම්බය එම නගරයේ රෝහලක් ආසන්නයේ පුපුරා ගොස් ඇත.

IS ත්‍රස්තයින් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බවයි ඉරාක වාර්තා සදහන් කරයි.

ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය ශියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර සදාර් නගරයේත් බැග්ඩෑඩ් නගරයේ තවත් ස්ථානයකත් බෝම්බ කිහිපයක් පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 January 2017 10:48