May 06, 2024

පරිසර ඇමති වෙඩි තබා ඝාතනය කෙරේ

බුරුන්ඩි පරිසර අමාත්‍ය එමැනුවෙල් නියොන්කුරු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු අද (01) අලුයම 12.45ට පමණ නිවස කරා යමින් සිටියදී නාදුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

අමාත්‍යවරයා සමග සිටි බව කියන කාන්තාවක රඳවාගෙන ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.

ජනපතිවරයාගේ තුන්වැනි ධුර කාලය ඇරැඹීමත් සමග එරට හමුදා ප්‍රධානීන් ඇතුළුව බොහෝ නිලධාරීන් ඝාතනය විය. නමුත් අමාත්‍යවරයකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

කෙසේ වුවද ජනපතිගේ තුන්වැනි ධුර කාලය ව්‍යවස්ථාවට පටහැනි බව එරට විපක්ෂය පවසයි.

Rate this item
(0 votes)