May 06, 2024

බන්ධනාගාරයකට ප්‍රහාරයක් - පොලිස් නිළධාරියෙක් මරුට

අපරාධකරුවන් සහ ත්‍රස්ත මර්දන නීතිය යටතේ නඩු පවරන ලද පුද්ගලයන් රඳවා සිටි බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බහරේනයේ බලධාරීහු පවසති.

බහරේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය කියා සිටියේ සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් මරුමුවට පත් වී ඇති බවයි.

ත්‍රස්ත අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කොට සිර ගත කෙරුණු රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බවත් බලධාරීහු පවසති.

මැනමා අගනුවරට දකුණින් පිහිටි බන්ධනාගාරය තුළ පසුගිය වසරේදී කැරලිකාරී වාතාවරණයක් ඇති විය.

ආරක්ෂක අංශ විසින් කැරැල්ල මැඩපැවැත්වීමෙන් අනතුරුව එහි සිටි රැඳවියන්ට දැඩි වධබන්ධනයන්ට මුහුණ දීමට සිදු වූ බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ චෝදනා කළහ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 January 2017 18:34