May 05, 2024

කැසිනෝ පනත සම්මත වෙයි

December 15, 2016
කැසිනෝ නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ජපන් පාර්ලිමේන්තුව විසින් අද (15) දිනයේදී සම්මත කර තිබේ.
 
මේ අනුව, කැසිනෝ සහිත හෝටල් හා සාප්පු මධ්‍යස්ථාන සඳහා ඉඩකඩ ලැබෙනු ඇත.
 
මේ වන විටත් Wynn Resorts, MGM Resorts හා Caesars වැනි ජාත්‍යන්තර කැසිනෝ සමාගම් ජපානයේ ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබේ.
 
මේ සඳහා ජපන් අගමැති ෂින්තෝ අබේ ගේ සහය ලැබී ඇති අතර, එමගින් රටේ සංචාරක ක්ෂේත්‍රය හා ආර්ථිකයට රුකුලක් වනු ඇති බව ඔහු විශ්වාස කරයි.
 
කෙසේවෙතත්, ජපානයේ කැසිනෝ ආරම්භ කිරීමට තවත් සයවසරක් පමණ ගතවනු ඇති බව වාර්තා වේ.
Rate this item
(0 votes)
Last modified on Thursday, 15 December 2016 13:23