May 05, 2024

ජාතික ගීයට හිටං නොසිට ගුටි කෑ අය අත්අඩංගුවට

December 14, 2016
චෙන්නායි නුවර සිනමාහලකදී ජාතික ගීය වාදනය කෙරුණු අවස්ථාවේදී අසුනෙන් නොනැගිට සිටි පුද්ගලයන් අටදෙනෙකුට පහර දී ඇති බවද වාර්තා වේ. 
 
ඔවුන්ට එරෙහිව ජාතික ගීයට ගරු නොකිරීම යන චෝදනා ගොනු කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
 
ඉන්දියාවේ සිනමාහල් වල සියළු චිත්‍රපට තිරගත කිරීමට පෙර අනිවාර්යයෙන්ම එරට ජාතික ගීය වාදනය කළ යුතු බවත් ඒ අවස්ථාවේදී චිත්‍රපටය නැරඹීමට රැස්ව සිටින පිරිස සිය අසුන් වලින් නැගිට සිටි යුතු බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාසයේදී නියෝග කර තිබිණි.
 
මේ අතර ජාතික ගීයට හිටගැනීමට අපොහොසත් වූ පුද්ගලයන් 12 ක් ඉන්දියාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සිද්ධිය වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිවන්ද්‍රම් නගරයේ පැවති ජාත්‍යන්තර සිනමා උළෙලකිනි.
 
රජයේ සේවකයෙකු විසින් ලබාදුන් නියෝගයක් පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් අනෙක් පුද්ගලයන් හට කරදරයක් සිදුකිරීම යන චෝදනා ලැබූ මොවුන් පසුව නිදහස් කර තිබේ.
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 December 2016 21:48