May 05, 2024

ගුවන් අනතුරේ සිරුරු හඳුනාගන්න DNA පරීක්ෂණයක්

December 09, 2016

පකිස්තානයේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය පිරිස හඳුනාගැනීම සඳහා DNA පරීක්‍ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පකිස්තානු බලධාරීහු පවසති.

මෙම ගුවන් අනතුර සිදුවූයේ පකිස්තානයේ උතුරු ප්‍රදේශයේදීය.

චිත්‍රාල් නුවර සිට ඉස්ලාමාබාද් අගනුවර බලා පියාසර කරමින් සිටියදී සිදුවූ මෙම ගුවන් අනතුරින් යානයේ සිටි සියලු දෙනාම මරණයට පත්වූ බව පකිස්තානු වාර්තා පවසයි.

අනතුරට හේතුව තවමත් තහවුරුවී නොමැති අතර නිල පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

පාලක මැදිරිය හා සබඳතා නතරවීමට මොහොතකට පෙර ගුවන් නියමුවාගෙන් ඇමතුමක් ලැබී ඇති අතර ඔහු පවසා ඇත්තේ යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වූ බවය.

(BBC)

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 May 2021 00:42