May 05, 2024

ඉතාලි අගමැති ඉල්ලා අස් වෙයි

December 06, 2016

ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයෙන් ලද බරපතළ පරාජයෙන් පසු අගමැති මාතියෝ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළේය.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් සම්පූර්ණ වගකීම භාරගන්නා බව ප්‍රකාශ කළ අගමැතිවරයා, පසුගිය රාත්‍රියේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා කියාසිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සැලසුමට එරෙහිව ජනමත විචාරණයේ දී ප්‍රචාරණ කටයුතු සිදු කළ කඳවුර කඩිනමින් සිය ඉදිරි සැලසුම් ඉදිරිපත් කළ යුතුව ඇති බවය.

ජනමත විචාරණ ප්‍රතිඵලය අනුව 60% ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට එරෙහිව ඡන්දය භාවිතකර තිබුණු අතර ප්‍රතිසංස්කරණ සැලසුමට කැමැත්ත පල කොට තිබුණේ 40%ක ඡන්ද දායකයන් ප්‍රමාණයක් පමණි.

ඉතාලි ඡන්දදායකයන්ගෙන් 70%ක් ජනමත විචාරණයයේ දී ඡන්දය පාවිච්චි කර තිබුණි.

BBC

Rate this item
(0 votes)