May 03, 2024

දේශප්‍රේමීත්වය වෙනුවෙන් ඉන්දියාවේ අධිකරණ තීන්දුවක්

November 30, 2016

සෑම සිනමාහලකම දර්ශනවාරයක් ආරම්භවීමට පෙර ජාතික ගීය වාදනයවීමට සැලැස්විය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එයට ගෞරව දැක්වීමක් ලෙස නරඹන්නන් ආසනවලින් නැගී සිටීම ද ඉන් අපේක්ෂා කෙරෙන බව පැවසේ.

ජනතාව තම පෞද්ගලික නිදහස පිලිබඳ අභිමතය පරිදි කටයුතු කිරීම නැවැත්විය යුතු බවත් දේශප්‍රේමී හැඟීමෙන් යුතුව කටයුතු කළයුතු බවත් අධිකරණය ප්‍රකාශ කළ බව සඳහන් වේ.

ඉන්දියාවේ ප්‍රාන්ත විසිනවය තුළ මේ දක්වා මෙම කරණය සම්බන්ධව ඒවාටම අනන්‍යවූ නීති පැවතුණු අතර ජාතික ගීය වෙනුවෙන් නැගිට සිටීම අනිවාර්ය නොවන බව පසුගිය වසරේ ඉන්දියානු අධිකරණයක් තීන්දුකළේ එමගින් කැළඹීමක් සහ ව්‍යාකූලතාවක් ඇතිවියහැකි බව පවසමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 November 2016 16:57