May 03, 2024

පාකිස්තාන හමුදාවට නව නායකත්වයක්

November 28, 2016

පාකිස්තානයේ නව හමුදා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරල් ජවාඩ් බජ්වා මහතා පත්කර ඇති බව වාර්තා වේ.

වසර 35ක කාලයක් හමුදාවේ ප්‍රධාන තනතුරු දරා ඇති ඒ මහතා කැනඩාවේදී පුහුණුව ලබා ඇති අයෙකි.

බජ්වා මහතා පත්කර ඇත්තේ පාකිස්තානයේ හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් වෙනුවට යි.

පසුගිය කාල සීමාවේදී ඉන්දු-පාකිස්තාන දේශසීමාවේදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය අනුව, එම ප්‍රදේශයේ වැඩි වශයෙන් සේවයේ යොදවා ඇති විශේෂ බලකා සෙබලු ලුතිනන් ජෙනරාල් බජ්වා යටතේ ක්‍රියාත්මක වනු ඇති විදෙස් මාධ්‍ය පවසයි.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ මෙම නව හමුදා ප්‍රධානී තනතුර පිරිනැමීම කාශ්මීර අර්බුදය මූලික කරගනිමින් කළ එකක් බව යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 November 2016 16:26