April 26, 2024

ආපන ශාලාවකදී 09ක් මරුට 

ඇෆ්ගනිස්ථාන මධ්‍යම කාබුල් නගරයේ ආපන ශාලාවකට තුවක්කු රැගෙන ඇතුළු වූ වයස 18 ක පමණ තරුණයන් හතර දෙනකු විසින් සිදුකළ වෙඩිතැබිමෙන් සිවිල් වැසියන් 09දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථාන හමුදාවන් විසින් මෙම තුවක්කුකරුවන් හතරදෙනාද වෙඩිතබා මරා දමා ඇති බවත් මරණයට පත්වූවන් අතර ළමුන්ද සිටින බවත් වාර්තාවේ.

මෙම තරුණ තුවක්කුකරුවන් රජයට විරුද්ධ පාක්ෂිකයන් බව ‍පොලිසිය හඳුනාගෙන ඇති අතර මෙම රාජ්‍ය විරෝධීන් ආපන ශාලාවට ඇතුළුවී ඇත්තේ අවි සඟවාගෙන බවත් පැය කිහිපයක් එහි රැඳී සිට පසුව වෙඩි තැබිම සිදුකර ඇති බවත් එරට ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)