May 03, 2024

භූ කම්පනයෙන් හානි වූ බෞද්ධනාත් ස්ථූපය යළි විවෘතයි

November 23, 2016

පසුගිය වසරේ නේපාලයට බල පෑ භූමිකම්පාව හේතුවෙන් එරට සුවිශේෂී සළකුණක් සේ සැලකෙන බෞද්ධනාත් ස්ථූපය ඉරි තැලී යාම සිදු විය.

යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන මෙම ස්ථූපය මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කිරීම පසුගිය දා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබිණ.

කත්මන්ඩු අගනුවර පිහිටි මෙම ස්ථූපය යළි විවෘත කරන අවස්ථාවේ භික්ෂූන්වහන්සේ විසින් පිරිත් සඡ්ඡායනාවන් සිදු කළ අතර බෞද්ධ කොඩි සහ මල්වලින් ස්ථූපය ආවරණය කර තිබිණි.

ස්ථූපය ප්‍රතිසංස්කරණය සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ විස්සකට අධික බව වාර්තා වේ.

එම මුදල් සොයාගෙන ඇත්තේ බෞද්ධ සංවිධාන සහ ජනතාවගේ ආධාරවලිනි.

ස්ථූපය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කිලෝග්‍රෑම් 30ක පමණ රත්‍රන් ද යොදාගෙන ඇති බව පැවසේ.

මෙම අවස්ථාව සිය රටට සාඩම්බර මොහොතක් බව අගමැති පුෂ්ප කමල් දහල් මහතා ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 November 2016 14:30