April 27, 2024

අතුරුදන් යානය ගැන චීනයෙන් ඉඟියක්

අතුරුදන් මැලේසියානු ගුවන් යාන‍යේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් සහිත චන්ද්‍රිකා ඡායාරූපයක් චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ද නිකුත් කර තිබේ.

මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉන්දියන් සාගරයේ පාවෙමින් තිබෙන සුන්බුන් කොටස් බව චීන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කර තිබේ.

මැලේසියාවේ චීන තානාපතිවරයා තමන්ට ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය හිෂාම්මුදින් හුසෙයින් ද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ බව තහවුරු කර ඇත. 

චීනය නිකුත් කළ ඡායාරූපයට අනුව එය දිගින් මීටර් 22.5ක් සහ පළලින්  මීටර් 13ක් පමණ වන කොටසක් බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම කොටස් නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට නෞකා යැවීමට චීන බලධාරීන් සූදානම් වන බව ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)