May 03, 2024

ජපානයට සුනාමියක් - න්‍යෂ්ටික බලාගාරයටත් බලපෑම්

November 22, 2016

ජපානයේ හොන්සු දිවයින ආශ්‍රිතව රිච්ටර් මාපාංක 7.4ක භූ කම්පනයක් සිදුව ඇති බව 'ද ගාඩියන්' පුවත් සේවය සඳහන් කරයි.

ඉන් ‍ෆු‍කුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සුනාමි රළ ‍ගසා ඇති බවත් එයින් හානි සිදුවිය හැකි බවත් එහි සඳහන්ය.

සෙන්දායි හා සුමායි යන වරායන්ටද සුනාමි රළ මගින් හානි සිදුව ඇති අතර සෙන්දාලි ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයට සිදුව ඇති බලපෑම් මගින් සිදුවිය හැකි හානි ඉහළ යනු ඇති බවත් ඒ සඳහා වහාම ආරක්ෂක උපදෙස් පිළිපැදිය යුතුව ඇති බවත් එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 November 2016 09:22