May 08, 2024

ඉන්දීය කැරළිකරුවන් 18ක් ඝාතනය කෙරේ

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේදී මාවෝවාදී කැරලිකරුවන් දහඅට දෙනෙකුවත් මරා දැමූ බව එරට පොලිසිය පවසයි.

තමන් වෙත ලැබුණු රහස් තොරතුරක් මත අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සීමාව ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක රැක සිට කැරලිකරුවන්ට පහර දුන් බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි

දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුව අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

නැගෙනහිර සහ මධ්‍යම ඉන්දියාවේ වනගත සහ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු විශාල භූමි ප්‍රදේශයක් මාවෝවාදී කැරලිකරුවන්ගේ පාලනයට නතුව පවතී.

සම්පත් සූරා කන බවට ඉන්දීය රජයට චෝදනා කරන මාවෝවාදී කැරලිකරුවෝ දුගී සහ සමාජය විසින් නොසලකා හැරුණු ජන කොටස්වල අයිතීන් දිනා ගැනීම සඳහා සටන් වදින බව පවසති.

| BBC

Rate this item
(0 votes)