May 08, 2024

ටයිටැනික් නැවේ අල්මාරි යතුරක් වෙන්දේසියේ

ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක කබා ගබඩා කොට තිබූ අල්මාරියක් විවෘත කිරීම සඳහා නෞකා සේවකයකු විසින් භාවිත කරන ලද යතුරක් වෙන්දේසියේ අලවි කිරීමට නියමිතයි.

අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ටයිටැනික් නෞකාවට අයත් දෙසීයකට අධික සිහිවටන ඊයේ (22) එංගලන්තයේ පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කොට තිබේ.

එම යතුර ඩොලර් තිස් පන්දහසකට අධික මුදලකට අලවි වනු ඇතැයි වෙන්දේසිකරුවෝ පවසති.

ටයිටැනික් නෞකාවේ කපිතාන් එඩ්වඩ් ස්මිත්ගේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ ඡායාරූප ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබේ.

Rate this item
(0 votes)