May 09, 2024

තමිල්නාඩු නිළ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

පසුගිය දින කිහිපය පුරාවට කිසියම් පිරිසක් විසින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන වෙබ් අඩවි ගණනාවකට රහසේ ඇතුල්වී ඒවායේ දත්ත විකෘති කර අැති බවට තොරතුරු වාර්තා විය.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම් උත්සන්න වීමත් සමග මෙම සිදුවීම් සිදුවී ඇති අතර ඉන්දියානු බලධාරීන් පවසන්නේ මෙම ක්‍රියාවන් පකිස්ථානය විසින් සිදුකරන බවයි.

කෙසේ නමුත් මේ වනවිට තමිල්නාඩු නිළ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 October 2016 16:13