May 08, 2024

ටොන් 175ක් බර යෝධ මැණිකක් සොයාගැනේ (PHOTOS)

අඩි 14 ක් උසින් සහ අඩි 19 ක් දිගින් යුත් යෝධ ජෙඩ් මැණිකක් මියන්මාරයෙන් හමු වී තිබේ.

ජෙඩ් මැණික් චීන ජාතිකයින් විසින් "දිව්‍යමය පාෂාණ" ලෙස හඳුන්වනු ලබන අතර හමුවී ඇති මෙම යෝධ මැණික ටොන් එකසිය හැත්තෑපහක බරින් යුතු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම දැවැන්ත මැණික ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැත්තෑවකට මිල කොට ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ජේඩ් මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ පතලකින් මැණික සොයා ගෙන ඇති අතර ලොව තත්ත්වයෙන් ඉතා ඉහළ ජේඩයිට් ඛනිජවලින් අති බහුතරය සපයනු ලබන්නේ මියන්මාරයයි.

එමෙන්ම මියන්මාරය සිය දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩක් සපුරා ගනු ලබන්නේ ජේඩ්මැණික් කර්මාන්තයෙනි.

මියන්මාරයෙන් ජේඩ් මැණික් මිලදී ගන්නා රටවල් අතර චීනය ප්‍රධාන තැනක් උසුලයි.

ඡායාරූප පහතින් > > > 

A man sits on giant jade stone at a mine in Phakant, Kachin State, northern Myanmar

A man poses for photographs next to a worker preparing to cover the giant jade stone as miners gather and watch at a mine in Phakant, Kachin State, northern Myanmar

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 October 2016 16:22