May 09, 2024

භූමිබෝල් රජුට අපහාස කළ කතක් ප්‍රසිද්ධියේ සමාව ගනී (PHOTOS)

අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුට අපහාස වන ආකාරයෙන් අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කළ තායිලන්ත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රජුගේ ඡායාරූපය ඉදිරියේ වැඳ ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සලස්වා තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ එරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රකට දූපතක් වූ කෝහ් සාමූයි හිදීය.

ඇයට මෙලෙස ප්‍රසිද්ධියේ සමාව ගැන්වීමට සලස්වන විට විශාල පිරිසක් පොලීසිය ඉදිරිපිට රැස්ව සිටි බව ද විදෙස් මාධ්‍ය වාර් සඳහන් කරයි.

පසුගිය 13 වනදා අභාවප්‍රාප්ත වූ වසර 70ක කාලයක් තායිලන්තයේ රාජ්‍යත්වය දරූ භූමිබෝල් රජු එරට ජනතාවගේ හදවත දිනාගත් චරිතයකි.

මේ හේතුව නිසාම, රජුට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන් ඉතා අල්ප වන අතර, එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් කලාතුරකින් තිබුණ ද, ඊට එරෙහිව ජනතාව නැගී සිටින ආකාරයද දැකිය හැකිය.

මෙසේ අත්අඩංගුවට පත් කාන්තාව 43 හැවිරිදි උමාපෝර්න් සරාසාත් ලෙස හඳුනාගෙන ඇත.

ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් බවත්, ඇය අන්තර්ජාලය තුළ රජුට අපහාස කිරීම මෙසේ දඬුවම් ලැබීමට හේතුව බවත් පොලීසිය පවසා තිබේ.

ඇය මෙලෙස ප්‍රසිද්ධියේ සමාව ගත් අවස්ථාවේ එහි දිස්ත්‍රික් පොලිස් ප්‍රධානියා රැස්ව සිටි විශාල පිරිස අමතමින් ප්‍රකාශ කොට ඇත්තේ, "අපට හැකි උපරිම අයුරින් මේ සිදුවීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. ඔබේ හැඟීම් මට තේරුම් ගැනීමට පුළුවන්. ඔබ දහස් ගණනින් මේ ස්ථානයේ රැස්ව සිටින්නේ රජුට ඇති ආදරය නිසයි. කණස්සලු වෙන්න එපා. මම දිව්රා කියනවා" යනුවෙනි.

ඡායාරූප පහතින්.

Image result for Bhumibol Adulyadej

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 October 2016 10:44