May 09, 2024

ලොව වයස්ගතම පැන්ඩා මිය යයි (VIDEO)

ලොව වැඩිම කාලයක් ජිවත් වූ Jia Jia නම් පැන්ඩා ඊයේ (16) මියගොස් තිබේ.

හොංකොං හි euthanized සත්ව උද්‍යානයේ සිටි මෙම ගැහැණු පැන්ඩා මියයන විට වයස අවුරුදු 38කි.

ලොව වැඩිම කාලයක් ජිවත් වූ යෝධ පැන්ඩා ලෙස Jia Jia ගිනස් ලෝක වාර්තාවට ද හිමිකම් කියන අතර අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙම සත්වයා මියගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සාමාන්‍ය පැන්ඩෙකුගේ ආයු කාලය වසර 18ත් 20ත් අතර කාලයකි.

ලෝකයේ වඩාත් වේගයන් වදවීමේ තර්ජනයට ලක් වූ සත්ව කොට්ඨාශයක් ලෙස පැන්ඩාවන් සැලකෙයි.

මෙම සත්වයා මියගොස් ඇත්තේ කැනඩාවේ ටොරොන්ටෝ සත්ව උද්‍යානයේ ජීවත්වන ලෝක ප‍්‍රකට නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනා සිය පළමු උපන් දිනය සමරද්දී වීම ද විශේෂත්වයක්.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 October 2016 11:29