May 06, 2024

තෙරේසා මව්තුමිය ශාන්තුවරියක්

September 04, 2016

තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් ලෙස අති උතුම් ෆ්රාන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කළහ.

මේ සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සංවිධානය කර තිබූ විශේෂ දේව මෙහෙයට දස දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

ඉන්දීය අගමැතිවරයා සහ තවත් රාජ්‍ය නායකයන් දහ තුන් දෙනෙකු පැමිණ සිටි මෙම අවස්ථාවට වීදි වාසීන් ද එක්දහස් පන්සීය දෙනෙක් පමණ එක් වූහ.

ඉන්දියාවේ පැල්පත් වාසී දිළිඳු ජනතාවට පිළිසරණ වීම සඳහා තෙරේසා මව්තුමිය සිය ජීවිතය ම කැප කරමින් දිවි ගෙවූ කල්කටා නුවර ද මේ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි.

දිළිඳු හින්දු භක්තිකයන් කතෝලික ආගමට බඳවා ගැනීම සඳහා තෙරේසා මව්තුමිය උත්සාහ කළ බවට ඇතැම් විවේචකයන්ගෙන් චෝදනා එල්ල වී තිබුණි.

තෙරේසා මව්තුමිය විසින් කළ බව කියැවෙන දෙවන ආශ්චර්යමත් ක්‍රියාව ද හඳුනාගැනීමෙන් පසුවයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අනුමැතිය මත මේ උත්තම තත්වයට ඇය ඔසවා ඇත.

මොලයේ පිළිකා කිහිපයකින් පීඩා විඳි බ්‍රසීල ජාතික රෝගියකු විස්මය ජනක ලෙස සුවපත් කිරීම එලෙස ආශ්චර්යයක් ලෙස හඳුනාගෙන ඇත.

අල්බේනියානු සම්භවයක් සහිත තෙරේසා මව්තුමිය ස්වර්ගස්ථ වූයේ 1997 වසරේදී යි.

බීබීසි සංදේශය

Rate this item
(0 votes)