May 06, 2024

කෝටි දෙසීයක් සීකා අවධානමේ

September 03, 2016

අප්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක පැතිරෙමින් පවතින සීකා වෛරසය මේ වන විට කෝටි දෙසීයක ජනතාවට වැළඳීමේ තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍යයේ පළ කෙරෙන ලාන්සෙට් (The Lancet) විද්‍යා සඟරාවට ලියන විද්‍යාඥයෝ පවසති.

ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාවේ වෙසෙන ජනතාව අතර සීකා වෛරසය පහසුවෙන් පැතිරීමට ඉඩකඩ පවතින බවයි නව සමීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ.

විද්‍යාඥයන් කණ්ඩායම විසින් මෙම අනාවැකි ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අදාළ රටවල ගුවන් ගමන් වල යෙදෙන පුද්ගලයන්ගේ තොරතුරු අධ්‍යනය කිරීමෙනි.

කෙසේ වෙතත් සීකා වයිරසය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තීකරණය වෛරසය පැතිරෙමින් පවතින කලාපයෙන්ම සොයා ගැනීම තුළින් සීකා වසංගතයක් බවට පත් වීම වළක්වා ගැනීමට ඉඩකඩ පවතින බවයි ඔවුන් පවසන්නේ.

(BBC)

Rate this item
(0 votes)