May 06, 2024

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

September 02, 2016

පකිස්තාන අධිකරණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී අැති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 30 කට ආසන්න පිරිසකට තුවාල සිදුවී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පළමුව අධිකරණය තුළට අත්බෝම්බයක් විසිකළ ප්‍රහාරකයා ඉන්පසු ගොඩනැගිල්ල තුළට දිව ගොස් බෝම්බයක් පුපුරුවා හළ බවයි පාකිස්තාන පොලීසිය පවසන්නේ.

පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් මියගිය පිරිස අතරවන බව වාර්තා වේ.

Rate this item
(0 votes)