May 06, 2024

බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි

September 01, 2016

බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් තනතුරින් ඉවත් කිරීමට එරට සෙනේට් සභාව තීරණය කර තිබේ.

ඒ ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳව විභාගය අවසානයේ යි.

සෙනේට් සභිකයන් අසූ එක් දෙනාගෙන් හැට එක් දෙනෙකුම නිගමනය කර තිබෙන්නේ ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් වැරදිකාරිය බව යි.

රටේ වැඩිවෙමින් පැවති අයවැය පරතරය සැඟවීම සඳහා මීට දෙවසරකට පෙර ඉදිරිපත් කළ අය වැය වාර්තාව විකෘති කර ඇති බවට ඇයට චෝදනා එල්ල වේ.

මීළඟ ජනාධිපතිවරයා වශයෙන් බ්‍රසීල උප ජනාධිපති මිෂෙල් ටෙමියර්වු දිවුරුම් දීමට නියමිත යි.

ඩිල්මා රුසේෆ් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව යි.

කෙසේ වෙතත් තමාට එල්ල වූ දෝෂාභියෝගය දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් ලෙස ඇය හඳුන්වයි.

Rate this item
(0 votes)