May 06, 2024

සිංගප්පූරුවටත් සීකා

බ්‍රසිලයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ සීකා වයිරසය මේ වනවිට සිංගප්පූරුවටත් ව්‍යාප්ත වී තිබේ.

ඊයේ (30) දිනය වනවිට සිංගප්පූරුවෙන් සීකා ආසාදිතයින් 82ක් සොයාගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, තායිවානය සහ දකුණු කොරියාව යන රටවලින් සිංගප්පූරුවේ සංචාරය කරන්නන්ට අනතුර අඟවා ඇති අතර ගැබිණියන්ට එහි ඇතුළුවීම තහනම් කර ඇතැයි ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 August 2016 16:21