May 06, 2024

කොලොම්බියාවට සාමය උදා වෙයි

ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ සටන් විරාම ගිවිසුම ඉරිදා (28) රාත්‍රියේ පටන් බල පැවැත්වේ.

කොලොම්බියා සිවිල් යුද්ධය ලෝකයේ දීර්ඝතම ගැටුමක් මෙන්ම විශාල සංඛ්‍යාවක් ජීවිත විනාශ කෙරුණ ගැටුම් වලින් එකකි.

වසර පනහකට අධික කාලයක් කොලොම්බියා ආණ්ඩුවට එරෙහිව සටන් වැදුණ 'FARC' ගරිල්ලා ව්‍යාපාරයේ වත්මන් නායක රොඩ්රිගෝ ලෝන්දොනෝ නොහොත් තිමොචෙන්කෝ (Timochenko) ඉරිදා ප්‍රකාශයක් කරමින් රාජ්‍යයට එරෙහි සිය අරගලය නිම වූ බව ප්‍රකාශයට පත් කළේ ය.

කොලොම්බියා සිවිල් යුද්ධයට වසර පනහකට අධික ඉතිහාසයක් ඇති අතර සමස්ත කාල පරිච්ඡේදය පුරා ආණ්ඩුවේ හමුදා සහ ගරිල්ලා ප්‍රහාර මගින් දෙලක්ෂ හැට දහසකට අධික ජීවිත විනාශයක් සිදු වී ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

දසලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමි විය.

(BBC)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 14:48