May 06, 2024

යේමනයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් 

යේමනයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම ප්‍රහාරය යේමනයේ උතුරු ආදෙන්හි හමුදා පුහුණු කඳවුරකට එල්ලවී තිබේ.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තම කාරය අලුතින් බඳවාගත් සෙබළු රැස්වී සිටි ස්ථානයකට පදවා ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක අංශ තවමත් මිය ගිය පිරිස හා තුවාල ලැබූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ආදෙන්හි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වනවිට මියගිය පුද්ගල මළ සිරුරු 45ක් පමණ රෝහලට රැගෙන විත් තිබේ.

ත්‍රස්තවාදය හේතුවෙන් 2015 මාර්තු මස සිට මේ දක්වා යේමනයේ සිවිල් වැසියන් බහුතරයක් ඇතුළුව 6600කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් එරට ජනගහණයෙන් 80%කට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ මානවවාදී උපකාර මත පිටමංව ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 16:45