May 06, 2024

ඩකා ප්‍රහාරයේ සැළසුම්කරු මරාදමයි

පුද්ගලයන් විසිදෙනෙකුට වැඩි පිරිසකට මරු කැඳවමින් පසුගිය මාසයේ බංග්ලාදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා මාරා දැමූ බව එරට පොලීසිය පවසයි.

ඩකා අගනුවර ආපනශාලවකට එල්ලකළ එම ප්‍රහාරය සැලසුම් කළ බවට සැලකෙන පුද්ගලයා වෙඩිතබා මරා දැමූ බවයි පැවසෙන්නේ.

තමීම් චෞද්‍රි නම් අදාළ පුද්ගලයා මියගොස් ඇත්තේ ඩකා අගනුවර අසල සිදුකෙරුණු ත්‍රස්ත විරෝධී මෙහෙයුමක දී බව වාර්තා වේ.

අවම වශයෙන් තවත් සන්නද්ධකරුවන් දෙදෙනෙකු මරා දමා තිබෙන බව ද වාර්තා වෙන අතර තමීම් චෞද්‍රි පිලිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් විසි පන්දහසක මුදලක් ලබාදෙන බවටයි සති කිහිපයකට පෙර දැන්වීම් පළ කොට තිබුණේ.

Rate this item
(0 votes)