May 06, 2024

ඉතාලි භූ කම්පනයෙන් මියගිය ගණන සීග්‍රයෙන් ඉහළට

මධ්‍යම ඉතාලියේ සිදු වූ භූ කම්පනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතියි.

මේවන විට පුද්ගලයින් 250ක් පමණ මෙම ව්‍යසනයෙන් මියගොස් ඇති බව යි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

රිච්ටර් මාපක ඒකක 6.2 ක්ප‍්‍ රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර පුද්ගලයන් විශාල පිරිසක්  එම සුන්බුන්වලට සිරවී ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

විපතට පත්වූවන් සෙවීම සදහා සහන සේවකයන් 4300 ක් යොදවා ඇති අතර විපතට පත්වුවන්ගෙන් වැඩි පිරිසක් කුඩා ළමුන් බව පැවසේ.

Rate this item
(0 votes)