May 03, 2024

විශ්ව විද්‍යාල වෙඩිතැබීමෙන් 13ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ විශ්ව විද්‍යාලයක වෙඩි තිබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කාබුල් අගනුවර පිහිටි සරසවියක් තුළ යි.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය පිරිස අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 7 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් ඇෆ්ගන් ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබේ.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද ආරක්ෂක අංශවල වෙඩි තැබීමෙන් මියගොස් තිබෙනවා.

Rate this item
(0 votes)