May 02, 2024

තුර්කියෙන් IS විරෝධී ප්‍රහාර මාලාවක්

පසුගිය දා තුර්කියේ ගාසියන්ටෙප් ගම්මානයේ මංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග උතුරුදිග සිරියාවේ IS ඉලක්ක වෙත තුර්කිය විසින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

IS ත්‍රස්තයින් මෙන්ම කුර්දි කැරළිකාර කණ්ඩායම් ද තුර්කි ප්‍රහාරවල ඉලක්කයක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මංගල්‍ය උත්සවයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 50 දෙනෙකුට වඩා පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව පැවසේ.

එම ප්‍රහාරය බාල වයස්කාර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදාගෙන එල්ල කළ බවට සැලකේ.

Rate this item
(0 votes)