May 03, 2024

ඉන්දියාවේ දරුණු ගංවතුර තත්ත්වයක්

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට දරුණු ගංවතුර තත්ත්වයක් බලපා තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

බිහාර් ප්‍රාන්තයේ ගංගා 6 ක් පමණ දරුණු ලෙස පිටාර ගැලීම්වලට ලක්වී ඇති අතර බිහාර් ප්‍රාන්තයේ අවතැන් වූ ජනතාව තාවකාලික කඳවුරු කරා යොමුකර තිබේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට ද ගංවතුරෙන් හානි සිදුව ඇති බව වාර්තා වන අතර මෙම කාලයේ දී ඇද හැලෙන මෝසම් වැසි සාමාන්‍ය දෙයක් වුවත්, මෙවර වර්ෂාපතනය සුවිශේෂී ලෙස වැඩි අගයක් ගෙන ඇති බව පැවසේ.

Rate this item
(0 votes)