May 02, 2024

ජපානයට කුණාටු දෙකක්

ජපානයට සුළි කුණාටු දෙකක් ළඟාවීමට නියමිතව තිබේ.

කොම්පාසු නමැති එම එක් සුළි සුළඟක් පැයට කිලෝමීටර් 126 ක පමණ වේගයකින් හොකයිඩෝ දිවයිනේ උතුරු ප්‍රදේශයට අද ළඟාවනු ඇත.

එය අද උදෑසන වනවිට පැසිෆික් සාගරයේ ජපානයට කිලෝමීටර් 100 ක් පමණ ඈතින් ස්ථානගත වී තිබූ බව වාර්තා වේ.

මින්දුලේ නමැති අනෙක් සුළි සුළඟ වයඹ දිග ජපානයේ චිචිජිමා දිවයිනට ඔබ්බෙන් ස්ථානගත වී තිබූ අතර එය ජපානයේ ප්‍රධාන දිවයින වන හොන්ෂු වෙත අද රාත්‍රියේ හෝ හෙට අලුයම් කාලයේ ළඟාවනු ඇත.

එම සුළි සුළඟ පැයට කිලෝමීටර් 126 ක පමණ වේගයකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 August 2016 20:18