May 03, 2024

සිවිල් වැසියන් 2000ක් IS විසින් පැහැරගනී

උතුරුදිග සිරියාවේ මාන්බිජ් ප්‍රදේශයෙන් පළා යන IS සන්නද්ධ කණ්ඩායම් එහි සිවිල් වැසියන් 2000ක් පමණ පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කුර්දි සහ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ සන්නද්ධ පිරිස් මෙම ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ ඔවුන් මෙසේ සිදු කර ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තමන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම සඳහා ඔවුන් සිවිල් වැසියන් පැහැර ගන්නට ඇති බවටයි සැක කරන්නේ.

Rate this item
(0 votes)