May 06, 2024

ශාරුක් අමෙරිකා ගුවන් තොටුපළේදී රඳවා ගනී

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ගුවන් තොටුපළේදී සුපිරි නළු ශාරුක් ඛාන්ට නොසිතූ ඇබැද්දියකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ, කිසිදු හේතුවකින් තොරව එම ගුවන් තොටුපළ බළධාරීන් ඔහුව රඳවා තබා ගැනීමයි.

මින් පෙරද අමෙරිකානු ගුවන් තොටුපළ කිහිපයකදීම මෙවැනිම සිදුවීම් වලට මුහුණ දීමට ශාරුක් ඛාන් හට සිදුවිය.

ශාරුක් තමා මුහුණ පෑ තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තබා ඇති අතර එය බොහා් දෙනෙකුගේ කතාබහට ලක්වන කාරණයක් වී තිබේ.

කෙසේවෙතත් ශාරුක්ගේ ටිව්ටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමෙන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව පිළිබඳ සහකාර ලේකම් නීශා බිස්වාල් මහත්මිය ඔහුගෙන් සමාව අයැද තිබුණි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 August 2016 15:33