May 06, 2024

තායිලන්තයේ බෝම්බ ප්‍රහාර 2ක්

තායිලන්තයේ හුවා හින් ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදු වී තිබේ.

ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන ප්‍රදේශයක මෙම පිපිරුම සිදුව ඇති අතර එය බැංකොක් අගනුරවට කිලෝමීටර් 200ක් පමණ ඔබ්බෙන් වූ ප්‍රදේශයකි.

තුවාල ලැබූවන් අතර සංචාරක විදේශිකයන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

බෝම්බ මල් පොච්චි තුළ සඟවා තිබී ඇති අතර බෝම්බ පුපුරුවා හැරීමට ජංගම දුරකතන භාවිත කර ඇති බව පැවසේ.

Rate this item
(0 votes)