May 06, 2024

හොර ඔලිම්පික් ටිකට් ජාවාරමක් හසුවෙයි

බ්‍රසීලයේ රියෝ ද ජනැයිරෝ නුවර මේවන විට පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ප්‍රවේශපත්‍ර වැඩි මිලට අළෙවි කිරීමේ ජාවාරමක් හසුකර ගැනීමට බ්‍රසීල පොලීසිය සමත් වී තිබේ.

එම ජාවාරම සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩා තරග සදහා පහසුකම් සපයන ආයතනයක් වූ ටී.එච්.ජී. ස්පෝට්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් සහ භාෂා පරිවර්තකවරියක් ලෙස කටයුතු කරන සේවිකාවක් බව වාර්තා වේ.

මෙම ආයතනය 2012 ලන්ඩන් නුවරදී පැවැති ඔලිම්පික් උළෙලේ බලය ලත් ප්‍රවේශපත්‍ර අළෙවි කරන්නන් ලෙස කටයුතු කර ඇති නමුත් මෙවර ඔලිම්පික් උළෙලේ ප්‍රවේශපත්‍ර අළෙවිය සඳහා ඔවුන්ට අවසර හිමි වී නොමැත.

අත්අඩංගුවට ගත් දෙදෙනා සතුව තිබී සොයාගත් ප්‍රවේශපත්‍රවල වටිනාකම රුපියල් කෝටි 100 කට අධික බව යි වාර්තා වන්නේ.

මීට අමතරව රියෝ ද ජනැයිරෝ නගරයේ මාර්ගවල ද නීති විරෝධී ආකාරයෙන් ප්‍රවේශපත්‍ර අළෙවියේ යෙදුණු 40 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)