May 06, 2024

IS ත්‍රස්තයින්ගේ තවත් සමූල ඝාතනයක්

කුලී රථ රියදුරන් පස් දෙනකුට මරණ දණ්ඩනය ලබා දීමට IS ත්‍රස්තවාදීන් කටයුතු කර තිබෙන බවට වාර්තා වේ.

ඒ IS ත්‍රස්ත සංවිධානය යටතේ පවතින ප්‍රදේශවලින් පිටතට සාමාන්‍ය වැසියන් පිටමන් කළ බවට චෝදනා කරමින්.

බටහිර දිග ඉරාකයේ 'කයිම්' නගරයේ දී මෙම රියදුරන්ගේ හිසට වෙඩි තබා මරා දමා තිබෙන අතර ඔවුන් මරා දමන අයුරු බලා සිටින ලෙස ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට බල කොට ඇති බව ද ඉරාක මාධ්‍ය වාර්තා කරයි.

IS ත්‍රස්තවාදීන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ සිය පාලන ප්‍රදේශයන්ගෙන් පැන යන පුද්ගලයින්ට මීට සමාන දඬුවමක් හිමි වෙන බව යි.

Rate this item
(0 votes)