May 06, 2024

සීකාට එරෙහි එන්නත් සාර්ථකයි

සීකා වෛරසයට එරෙහි එන්නතක් සකස් කිරීමේ උත්සාහය සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මදුරුවන්ගෙන් ප්‍රචාරණය වන සිකා වෛරසය හේතුවෙන් නූපන් ළඳරු කළලවල හිස කුඩා වීමේ තත්ත්වයක් හටගන්නා අතර මේ වනවිට ලොව රටවල් 60 ක පමණ සීකා වෛරසය පැතිරී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එන්නත් මාදිලි 3 ක් සීකා වෛරසය සදහා සකස් කර ඇති අතර ඒ තුනම ෙවඳුරන්ට එන්නත් කිරීමෙන් සුරක්ෂිත බව තහවුරු කොට ඇති බව යි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම නව එන්නත් මිනිසාට ලබාදීමට පෙර තවත් පියවර කිහිපයක් පසු කළ යුතු බව යි විද්‍යාඥයින් පවසන්නේ.

Rate this item
(0 votes)