May 03, 2024

ඔබාමාගේ අනුමැතියෙන් ලිබියාවේ ගුවන් ප්‍රහාරයක්

ලිබියාවේ පිහිටි IS ත්‍රස්තවාදී ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකානු ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබේ.

පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ ලිබියානු රජයේ ඉල්ලීම මත මෙම ප්‍රහාරය දියත් කළ බව යි.

ඒ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ අනුමැතිය යටතේ යි.

ප්‍රහාර මාලාවෙන් පසු අදහස් දැක්වූ ලිබියානු අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ ඉන් IS ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදුව ඇති බව යි.

මෙම ප්‍රහාර මාලාවෙන් විශේෂ අවධානය යොමු වූයේ IS ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් ලෙස සැළකෙන සර්වේ වරාය නගරය වෙත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)