May 03, 2024

ටෝකියෝවට නගරාධිපතිනියක්

ජපානයේ ටෝකියෝ අගනුවර නගරාධිපතිනිය ලෙස එරට ප්‍රථම ආරක්ෂක ඇමතිනිය වූ යුරිකෝ කොයිකේ පත් වී තිබේ.

ඊයේ පැවති මැතිවරණයෙන් ඇය මෙම තනතුරට පත්ව ඇති අතර යුරිකෝ ඡන්ද මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගෙන ඇත.

64 හැවිරිදි ඇය එම ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තේ ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වෙමිනි.

අගමැති ෂින්සෝ අබේගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ ද ඇය එලෙස ස්වාධීන අපේක්ෂිකාවක් වූයේ ඇයට නගරාධිපති ධුරය සදහා තරග කිරීමට පක්ෂයෙන් අනුමැතිය නොලැබීම හේතුවෙනි.

ටෝකියෝ නුවරට නගරාධිපතිනියක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර 2020 වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය අධීක්ෂණය කිරීම ද ඇයට පැවරී තිබේ.

Rate this item
(0 votes)