May 03, 2024

දිවියෙක් ගමකට පනියි: 7ක් මරුට (VIDEO)

ගම්මානයකට කඩා වැදුණු දිවියෙකු හේතුවෙන් මහත් කලබලයක් ඇති වී තිබේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයකට පැමිණ ඇති මෙම දිවියා ගම්මානයෙන් ඉවතට පළා යාමට උත්සහ දැරීමේ දී පුද්ගලයින් රැසකට පහර දී ඇති අතර එම ප්‍රහාරවලින් 7 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව යි එම වාර්තා සඳහන් කරන්නේ.

මෙම ගම්මානය වනාන්තරයක් අසළ පිහිටා ඇති අතර දිවියා එම වනාන්තරයේ සිට පැමිණ ඇති බව පැවසේ.

පසුව ගම්වාසීන් එක්ව දිවියා මරා දැමීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)