April 27, 2024

ඇෆ්ගනිස්ථානය පාකිස්තානයේ සහාය පතයි

කරච්චි ගුවන්තොටුපෙළට එල්ල වූ තලෙයිබාන් ප‍්‍රහාරයෙන් අනතුරු ව ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර කඳුකර ගෝත‍්‍රික ප‍්‍රදේශවල තත්ත්වය පිළිබඳ පාකිස්තාන අගමැති නවාස් ශරීෆ් ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ.
පාකිස්තාන හමුදා දේශසීමා ප‍්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරු ව එම සංවාදයේ නිරත ව ඇතැයි වාර්තා වේ.
මේ වනවිට එහි දී තලෙයිබාන් සටන්කාමීන් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පාකිස්තාන හමුදාව ප‍්‍රකාශ කරයි.
මෙහෙයුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට පළා යන සටන්කාමීන් කොටු කර ගැනීමට සහායවන ලෙස පාකිස්තාන අගමැතිවරයා ඇෆ්ගනිස්ථානයෙන් සහාය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)