May 03, 2024

ප්‍රංශයේ නැවතත් IS ඝාතනයක්

උතුරුදිග ප්‍රංශයේ, රොන් නගරයේ කතෝලික දේවස්ථානයක පියනමක් ගෙළ සිඳ ඝාතනය කර තිබේ.

84 වැනි වියෙහි පසුවූ ජැක් හැමල් පියතුමා එම දේවස්ථානයේ සුපුරුදු උදෑසන දේව මෙහෙය පවත්වමින් සිටින අවස්ථාවේ දී ඊට ඇතුළු වී ඇති IS ත්‍රස්තයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර ඇත.

එහි සිටි තවත් සිවු දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙනසිටි ත්‍රස්තවාදීන්ගෙන් එක් අයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට ප්‍රංශ විශේෂ පොලිස් කණ්ඩායමකට හැකි විය.

අනෙක් ත්‍රස්තවාදියා බරපතල තත්ත්වයේ සිටින බව වාර්තා වේ.

ප්‍රංශය IS ත්‍රස්ත සංවිධානය මිහිතලයෙන් මුලිනුපුටා දැමීමේ යුද්ධයක් වෙත පැමිණ ඇති බව ද ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ප්‍රහාරයත් සමග පවසා තිබේ.

මේ අතර, වතිකානුවේ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර, මේ නිරර්ථක අපරාධ හමුවේ වේදනාවටත් තැතිගැන්මටත් පත්ව සිටින බව පවසා ඇත.

Rate this item
(0 votes)