April 26, 2024

යුක්රේනයට ගෑස් නෑ?

රුසියාවෙන් යුක්රේනය වෙත සපයන ගෑස්වල මිල පිළිබඳ එකඟතාවයකට පැමිණීමට දෙරටේ නිලධාරීන් අසමත්වීමත් සමග යුක්රේනයට ගෑස් සැපයීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡවේ දී තමන් විසින් ඉදිරිපත් කළ මිල මට්ටමට එකඟතත්වය පළ නොවීම හේතුවෙන් සාකච්ඡා අවසන් වූ බවත් යළිත් සාකච්ඡා පැවැත්වේ ද යන්න අවිනිශ්චිත බවත් රුසියානු ගැස්ප්‍රොම් සමාගමේ ප‍්‍රකාශක ඇලෙක්සේයි කුපි‍්‍රයානොව් සඳහන් කර ඇත.
රුසියාවේ ගෑස් කප්පාදුවට මුහුණදීමට යුක්රේනය සූදානම් ව සිටින බව  යුක්රේන අගමැති යට්සෙන්යුක් පවසා තිබේ.
එහෙත් ඔටින්ගර් ඉදිරිපත් කළ ඩොලර් 300-385 පරාසයේ තාවකාලික මිලකට එකඟවීමට තවමත් ඉඩකඩ පවතින බව යුක්රේන නෆ්ටොගෑස් සමාගම පවසා ඇත.
රුසියානු ස්වභාවික වායුව ඝන මීටර් 1000 ක් ඩොලර් 268 කට ලබාදෙන ලෙස ඉල්ලා සිටි යුක්රේනය අනතුරු ව ඩොලර් 326ක මිලකට එකඟ වුව ද ඉදිරිපත් කළ ඩොලර් 385 ක මිල වෙනස් කිරීමට රුසියාව අකමැති වී ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)