May 03, 2024

ජර්මනියට තවත් ප්‍රහාරයක්

ජර්මනියේ පැවැති සංගීත සැණකළියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සිරියානු සංක්‍රමණිකයෙකු මෙම මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගෙන ඇති බව හෙළි වී ඇත.

ප්‍රහාරයෙන් එම සිරියානු ජාතිකයා මියගිය අතර අවට සිටි පුද්ගලයන් 12 දෙනෙකු තුවාල බලා ඇති බව වාර්තා වේ.

අදාළ සංගීත සැණකෙළිය වෙත  ප්‍රහාරකයා ඇතුළු වීමට උත්සාහ කළ ද ඔහුට එම අවස්ථාව නොලැබී ඇති අතර ඉන්පසුව ඔහු ජනාකීර්ණ අවන්හලක් ඉදිරිපිට බෝම්බය පුපුරවාගෙන තිබේ.

අවස්ථාවේදී ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබී නැත.

පිපිරීමත් සමග එම ප්‍රසංගයට සහභාගී වූ පුද්ගලයන් 2,500ක් පමණ ඉවත් කර ඇති අතර ජර්මනියේ බාවේරියා දිස්‍ත්‍රික්කයේ සතියක් ඇතුළත එල්ල වූ තුන්වැනි ප්‍රහාරය මෙය යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 15:40