May 02, 2024

ජර්මනියට ප්‍රහාරයක්

ජර්මනියේ මියුනිච් නගරයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම 18 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙකු විසින් සිදු කර ඇති බවට යි වාර්තා වන්නේ.

කුඩා දරුවන් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පැවසෙන අතර ප්‍රහාරයෙන් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

තව ද මෙම වෙඩි තැබීමෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන මියගොස් තිබේ.

Rate this item
(0 votes)