May 02, 2024

තුර්කියේ හදිසි තත්ත්වයක්

තුර්කියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වේ.

මෙම හදිසි තත්ත්වය ඉදිරි මාස තුන සඳහා බලපැවැත්වෙන බව යි පැවසෙන්නේ.

එය ප්‍රකාශයට පත් කිරීමත් සමග රටේ ප්‍රධාන ස්ථාන අවට විශේෂ බලකායේ භටයන් මෙන්ම, අවි ආයුධ රැසක් ස්ථාන ගත කරමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම තුර්කි ගුවන් සීමාව ආරක්ෂා කිරීම සඳහා එෆ්-16 මාදිලියේ ප්‍රහාරක යානා කිහිපයක්ද ගුවන්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉස්තාම්බුල් නගරය පුරා අමතර විශේෂ බලකා නිලධාරීන් 1,800ක් පමණ ස්ථානගත කර ඇති අතර සන්නහාසන්නද්ධ රථ මෙන්ම, ගුවන්යානා නාශක අවි ද නගරය තුළ ස්ථානගත කර ඇති බව එම මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

Rate this item
(0 votes)