May 17, 2024

තුර්කි කුමන්ත්‍රණකරුවන්ට මරණ දඬුවම?

අසාර්ථක හමුදා කුමන්ත්‍රණය නමැති 'වයිරසය' සහමුලින් ඉවත්කිරීමට කටයුතු කරන බව තුර්කි ජනාධිපති රෙසීප් තයියප් අර්දොවාන් මහතා පවසා තිබේ.

මෙයට සම්බන්ධ හමුදාවේ ඉහළ නිලධාරීන් සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබෙන අතර මේ වන විටත් හය දහසකට අධික පිරිසක් අත්අඩංගුවේ පසු වේ.

හමුදා කුමන්ත්‍රණයට සහය පළ කළ හමුදා සාමාජිකයන් සෙවීම පිණිස තුර්කි බලධාරීහු රට පුරා ඇති සියලුම ආරක්ෂක හමුදා කඳවුරු හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට ද කටයුතු කර ඇත.

වැරදිකරුවන්ට මරණීය දණ්ඩණය දීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සලකා බලන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

Rate this item
(0 votes)