May 17, 2024

හමුදා කුමන්ත්‍රණයක්: තුර්කිය උණුසුම් වේ (VIDEO)

තුර්කියේ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

එරට හමුදාව පවසන්නේ රාජ්‍ය පාලනය සියතට ගෙන තිබෙන බව යි.

ඉස්තාන්බූල් නුවර පුරාම යුධ හමුදාව යොදවා ඇති අතර එරට පාර්ලිමේන්තු පරිශ්‍රයේ බෝම්බයක් ද පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම තුර්කිය තුළ Facebook, Twitter ආදී සමාජජාල වෙබ් අඩවි ද අකර්මන්‍ය වී ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රාජ්‍ය රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථාන ද හමුදාව යටතට පත්ව ඇති අතර ඒ හරහා හමුදාව ප්‍රකාශ කොට ඇත්තේ සාම මණ්ඩලයක් මගින් දැන් තුර්කිය පාලනය කරන අතර රට තුළ ඇදිරි නීතිය සහ යුද නීතිය ක්‍රියාත්මක බව යි.

තව ද අන්කාරා නුවර ඉහළ අහස ගුවන්යානා තහනම් කලාපයක් බවට පත් කොට ඇති බව ද වාර්තා වේ.

මේ අතර තුර්කි ජනාධිපතිවරයා රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනතාව අමතා ප්‍රකාශ කොට ඇත්තේ ජනතා බලයට වඩා ඉහළ බලයක් නොමැති බැවින් ජනතාවට එක් රැස්වන ලෙස යි.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔහුට සහය දක්වන හමුදා ප්‍රධානීන් මෙම කුමන්ත්‍රණය මෙහෙයවූ කණ්ඩායමේ ග්‍රහණයේ සිටින බව යි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ තුර්කියේ රාජ්‍ය බලය මේ වන විට පවතින්නේ කවුරුන් අත දැයි නිෂ්චිතව පැවසිය නොහැකි බව යි.

වීඩියෝ පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 July 2016 11:14